
මහ මැතිවරණයෙන් පසුව නව පාර්ලිමේන්තුව සෞඛ්යාරක්ෂිත ලෙස රැස්විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ මාර්ගෝපදේශ මාලාව අනිද්දා (31 වැනිදා) පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතය.
ඉදිරි කාලයේ පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගිවන මන්ත්‍රීවරුන් ඇතුළු ප්‍රභූවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සහ ආරක්ෂක අංශ කොවිඩ් වයිරසයෙන් ආරක්ෂා වීමට අදාළ වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා පසුගියදා සෞඛ්‍යය සේවා නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මන් ගම්ලත් ඇතුළු කණ්ඩායමක් පාර්ලිමේන්තු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවීමෙන් පසුව මෙම මාර්ගෝපදේශ මාලාව සකස් කර තිබේ.