
ඊජිප්තුව සිය හමුදා සේනාංක ලිබියානු දේශසීමාව අසළට අනුයුක්ත කර තිබෙනවා.
හමුදා මාණ්ඩලික ප්‍රධානී මොහොමඩ් ෆාරිඩ් ද මෙම හමුදා නිරීක්ෂණය කිරීම සඳහා පැමිණියා.
ලිබියාවට හමුදා යැවීම සඳහා ඊජිප්තු රජයට ජූලි 20 වනදා එරට පාර්ලිමේන්තුවේ අවසරය ලැබුණා. එහෙත් මේ වනතෙක් ඊජිප්තු හමුදා දේශසීමාව තරණය කර ලිබියාවට ඇතුල් වී නැහැ.
ලිබියාවේ සිවිල් යුද්ධයේදී එරට නැගෙනගිර ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටින ලිබියානු ජාතික හමුදාවට ඊජිප්තුවේ සහය ලැබී තිබෙනවා. මේ අතර ට්‍රිපොලි අගනුවර බලය හිමිව තිබෙන, එක්සත් ජාතීන් විසින් පිළිගත් නිල ලිබියානු රජයට සහය දීමට තුර්කි සේනාංක මේ වනවිට ද ලිබියාවට පැමිණ තිබෙනවා.
