
ඉකුත් වසරේ ඡන්ද හිමි නාමලේඛනයේ නම සඳහන් විදේශගතව සිටින ඡන්ද හිමියන්ගේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙරට ලියාපදිංචි ලිපිනයට යවා ඇති බවත්, විදේශගතව සිට පැමිණි ඡන්දදායකයන් සිය ජාතික හැඳුනුම්පතට අමතරව විදේශ ගමන් බලපත්‍රයද ඡන්ද පොළට රැගෙන එන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.
මේ වනතෙක් දිවයිනට නොපැමිණි විදේශගත ඡන්ද හිමියන්ගේ තොරතුරු ඇසුරින් ඔවුන්ගේ ඡන්දය භාවිත කිරීම සඳහා ව්‍යාජ හැඳුනුම්පත් සකස් කරන බවට තොරතුරු ලැබී ඇතැයිද මැතිවරණ කොමිෂන් සභාව පැවසීය.
විදේශගතව සිට පැමිණි ඡන්දදායකයකුට ඡන්ද පොළේදී සිය විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමට නොහැකි වුවහොත් සිය අනන්‍යතා ලේඛනයට අමතරව සිය අනන්‍යතාවයට අදාළව පාර්ලිමේන්තු මැතිවරණ පනතේ ඇති අදාළ ආකෘතිය අනුව වූ ප්‍රකාශයක්ද අනිවාර්යයෙන්ම ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පැවසීය. එවැනි ප්‍රකාශයක් සිදු නොකරන කිසිදු ඡන්දදායකයකුට ඡන්ද පත්‍රිකාවක් නිකුත් නොකෙරේ.
මෙවැනි ඡන්දදායකයකු පිළිබඳව සැකයක් ඇති වුවහොත් හොර ඡන්ද දැමීමට උත්සාහ කළ අයකු ලෙස සලකා වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් භාරයට පත්කිරීමට කටයුතු කරන බවද මැතිවරණ කොමිෂන් සභාව කීවේය.