ලෙබනන දේශසීමාවේ ගැටුමක් ඇති නොවූ බව හිස්බුල්ලා සංවිධානය කියයි

ලෙබනන – ඊශ්‍රායල දේශසීමාවේ ගැටුමක් ඇති නොවූ බව හිස්බුල්ලා සංවිධානය ප්‍රකාශ කරනවා.


එම සංවිධානය කියා සිටින්නේ ව්‍යාජ පුවතක් ප්‍රචලිත කිරීම මගින් ව්‍යාජ ජයග්‍රහණයක් සැමරීම ඊශ්‍රායලයේ සැලසුම වී ඇති බවයි.


ෂීබා ගොවිපල ප්‍රදේශ අවට ගැටුමක් සිදුවූ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළා. ඊශ්‍රායලය කියා සිටියේ තම රට තුළට කඩා වැදීමට හිස්බුල්ලා සංවිධානයේ කණ්ඩායමක් උත්සාහ කරද්දී එය වළක්වා ලූ බවයි. එහෙත් මෙය ඊශ්‍රායලය විසින් ගොතන ලද පුවතක් බව හිස්බුල්ලා සංවිධානය පවසනවා.


ඊශ්‍රායලය විසින් ලෙබනන දේශසීමාව අසළ ප්‍රදේශයන්ට ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරන අයුරු ඊයේ මාධ්‍යයට නිකුත් වූ වීඩියෝ දර්ශන අනුව පෙනෙන්නට තිබුණා. හිස්බුල්ලා සංවිධානයේ චෝදනාව වන්නේ මෙය ඔවුන් වෙත එල්ල වූ ප්‍රහාරයක් නොවන බවයි.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor