දැනට සචිනි එක

මේ මොහොතේ ක්‍රියාත්මක වන පළමු ශ්‍රී ලංකා කාන්තා චෙස් ග්‍රොන්ප්‍රී තරඟාවලියේ මේ දක්වා නිමා වූ තරඟවල පෑ දක්ෂතා අනුව සචිනි රණසිංහ ඉදිරියෙන් සිටිනවා.දෙල්කද පිහිටි ශ්‍රී ලංකා චෙස් මූලස්ථාන ගොඩනැඟිල්ලේ මේ තරඟාවලිය ක්‍රියාත්මක වෙනවා.

වසංගත තත්ත්වයෙන් පසුව ලංකාවේ පැවත්වෙන ජාතික මට්ටමේ පළමු ක්‍රීඩා ඉසව්ව වන මෙම චෙස් තරඟාවලියේ වට හයක් නිමාවේ හිටපු ජාතික සූරියක් මෙන්ම ජාත්‍යන්තර මට්ටමෙන් වුමන් ඉන්ටර්නැෂනල් මාස්ටර් තත්ත්වයට පත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවද වන සචිනි රණසිංහ ඉදිරියෙන් සිටිද්දී සෙසු ක්‍රීඩිකාවන් =ගේ ස්ථාන තීරණය වී ඇති ආකාරය පහත දැක්වෙනවා.

2. නෙලුනිකා මෙත්මනි  (ලකුණු 5) 3.තරුෂි නික්ලේෂා (ලකුණු4) 4. අශ්වින් පවලචන්ද්‍රන් (ලකුණු4) 5. ජනදනි අබේසිංහ (ලකුණු3) 6. දිනුෂ්කි ප්‍රේමනාත් (ලකුණු3) 7. සන්දීපනි තරුෂි (ලකුණු3) 8. ප්‍රසන්සා ප්‍රේමනාත් (ලකුණු3) 9. සයුමි ගමගේ (ලකුණු2) 10. ඔනේලි වීරවර්ධන (ලකුණු1) 11. සයුමි විමන්සා පියමන්ති (ලකුණු1)

මේ සමඟ දැක්වෙන්නේ තරඟාවලිය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන ඡායාරූප කිහිපයකි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor