ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් 500ක වියදමක්

පාර්ලිමේන්තු මැතිවරණයේදී එක් ඡන්දදායකයකු වෙනුවෙන් රුපියල් පන්සියයක් (500) දළ වශයෙන් වැය කෙරෙන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයෝ එක්කෝටි හැටදෙලක්ෂ හැටතුන්දහස් අටසිය අසූපහක් (16,263,885) සුදුසුකම් ලබා සිටිති.

ඡන්දදායකයා ඡන්දය ප්‍රකාශ කළත් නොකළත් රජයට එම වියදම දැරීමට සිදුවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා කියයි.

ජනතා පරමාධිපත්‍ය වෙනුවෙන් ඡන්දය භාවිත කරන ලෙස සියලු ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ඔහු පැවසුවේය.

2004 පාර්ලිමේන්තු මැතිවරණයේදී සියයට 75 ක්ද,2010 පාර්ලිමේන්තු මැතිවරණයේදී සියයට 61 ක්ද,2015 පාර්ලිමේන්තු මැතිවරණයේදී සියයට 77 ක්ද ඡන්දය ප්‍රකාශ කර තිබිණි.මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේදීද සියයට 80 කට වැඩි පිරිසක් සිය ඡන්දය ප්‍රකාශ කිරීම මැතිවරණ කොමිෂන් සභාව බලාපොරොත්තුවේ.

නිවසට වඩා ඡන්ද මධ්‍යස්ථානය සුරක්ෂිත බවද,ඡන්ද මධ්‍යස්ථානය තුළදී කොවිඩ් වයිරසය ඇතුළුවීමේ කිසිදු ඉඩ ප්‍රස්ථාවක් නොමැති බවද මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටී.

Recommended For You

About the Author: Editor