
‘ළඟම පාසල හොඳම පාසල’ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් කෝටි තුන්සියයකට අධික මුදලක් තවමත් හිඟ වශයෙන් ගෙවීමට ඇතැයි වාර්තා වේ.
මෙම තත්ත්වය මත ඇතැම් කොන්ත්‍රාත්කරුවන් ඉදිකිරීම් අතරමග නතර කර තිබේ. කොළඹ ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය ද ඒ අතර වෙයි.
මුදල් නොගෙවීම නිසා පාසල් රැසක ඉදිකිරීම් ද අත්හිටුවා ඇතැයි මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (28 වැනිදා) පැවැසීය.
ඉකුත් ආණ්ඩුව සමයේ ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුවන්ට රුපියල් කෝටි පන්සියයක පමණ මුදලක් හිඟ වශයෙන් ගෙවීමට තිබූ අතර ඉන් වරින් වර රුපියල් කෝටි දෙසීයක පමණ මුදලක් ගෙවීමට අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
ගෙවීම් නොකිරීම නිසා කොන්ත්‍රාත්කරුවන් අපහසුතාවට පත්ව සිටින බව දන්නා නමුත් ගෙවීම සඳහා මුදල් නොමැති කමින් කළ හැකි කිසිවක් නැතැයි ද ඉහත කරුණු දැක් වූ නිලධාරියා කීවේය.