
මෙරටට අනවසරයෙන් ගෙන්වා වරායේ තිබෙන මෙට්‍රික් ටොන් නවසීයක කහ තොගය සම්බන්ධයෙන් රේගුව සහ ආනයන අපනයන පාලකවරයා පරීක්ෂණයක් පවත්වන බවත්, එම කහ තොගය සතොස වැනි රාජ්‍ය ආයතන මගින් වෙළෙඳපොළට මුදාහැරීම පිළිබඳ අවධානය යොමුවී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඒ.පී. හීන්කෙන්ද පැවසීය.
මේ වනවිට දිවයින පුරා දළ වශයෙන් හෙක්ටයාර් එක්දහස් පන්සීයක පමණ කහ වගාකර ඇතැයිද, ලබන වසරේ ජනවාරි මාසයේදී එම කහ අස්වනු ලැබෙන බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවේය. මෙම වසරේදී හෙක්ටයාර් දෙදහසක කහ වගා කිරීමට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත