ලෙබනනයේදී කඩාවැටුණ ඊශ්‍රායල ඩ්‍රෝනයේ ඡායාරූප නිකුත් කෙරේ

ලෙබනනයේදී පසුගිය 26 වනදා කඩා වැටුණ ඊශ්‍රායල ඩ්‍රෝනයේ ඡායාරූප හිස්බුල්ලා සංවිධානය විසින් නිකුත් කෙරුණා.


දකුණු ලෙබනනයේදී කඩා වැටුණ මෙය පිටතින් පෙනෙන අයුරින් හොඳ තත්ත්වයේ තිබෙනවා. ඊශ්‍රායලය පැවසූයේ කාර්මික දෝෂයක් හේතුවෙන් එය කඩා වැටුණ බවයි.
ලෙබනනයේ දකුණුදිග ප්‍රදේශවල හිස්බුල්ලා සංවිධානයේ සහ ලෙබනන හමුදාවේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමට පසුගිය දිනවල ඊශ්‍රායලය විසින් නිරන්තරයෙන් ඩ්‍රෝන යාත්‍රා පියාසර කරනු ලැබුණා.


පසුගියදා ඩමස්කස් නගරය අසළට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සාමාජිකයකු මියගිය අතර එයින් පසු එම සංවිධානය ඊට එකට එක කරනු ඇතයි යන සැකය මත ලෙබනන දේශසීමාවේ ආරක්ෂාව තර කිරීමට ඊශ්‍රායලය පියවර ගත්තා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor