මැතිවරණයට පොලීසියේ හා සිවිල් ආරක්ෂක බළකායේ 84000ක්

අගෝස්තු 05 දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් පොලිස් නිලධාරීන් 75000ක් හා සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 9000ක් සේවයේ යෙදවීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම කොවිඩ් 19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සියලුම පියවර ගෙන ඇති බවත් ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor