විනිසුරුවන් හතර දෙනෙක් පළමු ශ්‍රේණියට – කාන්තාවන් තිදෙනෙක්ටත් උසස්වීම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ සිටින විනිසුරුවන් වෙනුවෙන් පැවත් වූ විභාගයෙන් ශ්‍රේණි උසස්වීම් ලද විනිසුරුවන් 133 දෙනෙකුට සහතික පත් බෙදා දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවත්විණි.බසනාහිර පළාත් ක්‍රිකට් සංගම් ශ්‍රවණාගාරයේ පැවති මෙම සහතික ප්‍රදානෝත්සයේදී ක්‍රිකට් විනිසුරුවන් සිව් දෙනෙක් පළමු ශ්‍රේණිය දකවා උසස්වීම් ලැබූ බවත්, ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි පිතිකාරිණියක වන දේදුනු සිල්වා ඇතුළු කාන්තාවන් තිදෙනෙක්ද මේ උසස්වීම් ලද අය අතර සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයකනයේ විනිසුරු කමිටු සභාපති දීපාල් මධුරප්පෙරුම පෙන්වා දෙයි.

මෙම සහතික පත් ප්‍රදානයේදි පළමු ශ්‍රේණියට උසස්වීම් ලද්දේ මොරිස් ස සිල්වා,සුසන්ත දිසානායක,විදුර ප්‍රසාද් සහ සිසිර පෙරේරා යන විනිසුරුවන්ය.සුපිරි ක්‍රිඩිකා දේදුණු ද සිල්වා සහ නිලමිනි පෙරේරා තෙවන ශ්‍රේණියට උසස්වීම් ලද අතර සඳුනි ලක්ෂිකා විනිසුරුවරිය සිවිවැනි ශ්‍රේණියට උසස්වීම් ලද විනිසුරුවරියක වූවාය.

විනිසුරු කමිටුවේ අධික්ෂණය යටතේ පැවති මෙම විනිසුරු විභාගය ලිඛිත පරීක්ෂණයකින් සහ සම්මුඛ පරීක්ෂණයකින් සමන්විත විය.එහිදී දෙවැනි ශ්‍රේණියට උසස්වීම් ලද විනිසුරුවන් ප්‍රමානය 10 දෙනෙකු විය.තෙවැනි ශ්‍රේණියට සමත් වූ විනිසුරුවන් ගණන 29 කි.පස්වැනි ශ්‍රේණියේ සිට සිව්වැනි ශ්‍රේණියට විනිසුරුවන් 90 ක් උසස්වීම් ලැබ තිබිණි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor