ලොව පුරා කොවිඩ් මරණ 659,000ක සීමාවට ඇවිත්

ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ මරණ සංඛ්‍යාව 658,813ක් බව ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය අද (29දා) අලුයම වාර්තා කරයි.

එසේම මේ වනවිට ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 16,660,138ක් දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තා පෙන්වා දෙයි.

කෙසේ වෙතත් වෛරසය ආසාදනය වූවන් 9,700,000ක ආසන්න පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ඇති බවද ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසයි.

Recommended For You

About the Author: Editor