උගතුන්ට මේ පොළොවේ ඉඩ නෑ – අකුදි

මාලිමාව සමග එක්වන්නැයි රටේ විද්වතුන්ට ආරාධනා කරන බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

මහරගම දී පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

එය පැවැත්වුණේ එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනි.

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙන කඳවුරුවලට බෙදුණු යුගය අවසන් කර සියලුදෙනා එක තැනකට එකතු විය යුතු කාලය එළඹ ඇති බව ඒ මහතා මෙහිදී පැවසීය.

“අපේ රටේ විශාල ඥාන සම්භාරයන් සහිත වෘත්තීයවේදීන් සිටිනවා. අද ඒ වෘත්තීයවේදීන්ට සිදුවෙලා තියෙන්නේ තමන් උපයා ගන්නා ලද දැනුම මේ මහපොළොවේ නිදහස් කිරීමට හැකියාවක් නොමැති වීම“ බව  අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor