පෞද්ගලික, අර්ධ රාජ්‍ය විශ්‍රාමිකයන්ට 15000ක මාසික දීමනාවක් ඉල්ලයි

පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ක්ෂේත්‍රයේ සියලු විශ්‍රාමිකයන්ට සමාජ රැකවරණය වෙනුවෙන් රුපියල් පහළොස් දහසක මාසික දීමනාවක් ලබාදෙන ​ලෙස ඉදිරියට පවත්වන රජයෙන් ඉල්ලා සිටින බව නිදහස් වෙළෙඳ කලාප හා පොදු සේවා සංගමය පැවසීය.

එම සංගමයේ ලේකම් ඇන්ටන් මාකස් පැවසුවේ විශ්‍රාමිකයන්ට මෙන්ම රැකියාවක් නැති සහ රැකියා අහිමි වන සියල්ලන්ට රැකියාවක් ලැබෙනතුරු ඔවුන්ටද රුපියල් 15,000ක මාසික දීමනාවක් ලැබෙන පරිදි සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට කවර ආණ්ඩුවක් බලයට පත් වුවත් භාරගත යුතු සමාජ වගකීමක් බවය.

පැතිරී යන කොරෝනා වසංගත තත්ත්වයත් සමග ආර්ථිකය බිඳවැටෙන ප්‍රමාණයට රැකියාවලින් නෙරපෙන සේවකයන් වැඩි වන බවත්, එවැනි සමාජයක මිනිසුන්ගේ ආර්ථික තත්ත්වය ගැන කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි බැවින් රට ගොඩනැගීමට පොරොන්දු ලබාදෙන නායකයන් සැම මෙම ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ලේකම්වරයා පවසා සිටියේය.

Recommended For You

About the Author: Editor