දේශීය සමාගම් තිබියදී දුම්රිය ස්මාට් කිරීම චීනයට දෙන්නේ ඇයි?

රජයේ සියලුම මෘදුකාංග අවශ්‍යතා දේශීය සමාගම්වලින් සපුරා ගැනීමට කටයුතු කර ඇති අවස්ථාවක දුම්රිය ප්‍රවේශපත්‍ර සඳහා පෙර ගෙවුම් කාඩ්පත් නිකුත් කිරීම විදේශීය සමාගමක් වෙත පැවරීම කනගාටුවට කරුණක් බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති රජිව් යසිරු කුරුවිටගේ පැවසුවේ ‘ස්මාර්ට් ගෙවුම් කාඩ්’ නිකුත් කිරීම සඳහා චීන ආයතනයකට කැබිනට් අනුමැතිය ලබාදීමට වඩා දේශීය මෘදුකාංග ශිල්පීන්ට මෙම අවස්ථාව ලබාදීම වැදගත් බවය.

මේ වනවිට ශ්‍රී ලංකා ප්‍රවාහන ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් පාරිභෝගිකයන් හට ජංගම දුරකතන නොමැති අවස්ථාවකදී පවා ප්‍රවාහන සේවා වෙන්කර ගැනීමට හැකිවන පරිදි කටයුතු සම්පාදනය කර ඇති බවත් මෙවැනි නව ප්‍රවණතාවයකට අනුකූලව දේශීය මෘදුකාංග ශිල්පීන් උපයෝගී කර ගනිමින් ව්‍යාපෘති සිදුවිය යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට යෝජනා කරන බවද ඔහු පැවසීය.

එසේම ‘ස්මාර්ට් කාඩ්’ වැනි දශක කිහිපයක් පැරණි ක්‍රමයක් තවත් වසර පහක්, දහයක් හෝ ඊට වැඩි කාලයක් සඳහා ආදේශ කිරීමට යාම මහජන මුදල් හා කාලය නාස්ති කිරීමක් බවය.

Recommended For You

About the Author: Editor