
බංගලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් 2018 ලෝක කුසලාන යොවුන් තරඟාවලිය නියෝජනය කළ කාසි අනීක් ට තහනම් උත්තේජන භාවිතා කිරීම සම්බන්ධයෙන් දෙවසරක තරඟ තහනමක් පනවා තිබේ.
එම දෙවසරක කාලය තුළ කාසි ඉස්ලාම් බංගලාදේශ ක්‍රිකට් පාළක මණ්ඩලය සංවිධානය කරනු ලබන කිසිඳු තරඟයකට සහභාගි වීමට අවස්ථාව නොලැබේ.2019 පෙබරවාරී මස දී සිදු කළ පරීක්ෂණයකින් අසමත් වීම නිසා තාවකාලික තරඟ තහනමකට යටත්ව සිටි කාසිගේ දඩුවම් කාලය ක්‍රියාත්මක වන්නේ එම කාලයේ සිට බැවින් එළැඹෙන 2021 වසරේ ඔහුට නැවත තරඟ පිටියට පිවිසෙන්නට අවස්ථාව හිමි වේ.
