ඉරාකයේ ISIS විරෝධී මිලීෂියා කඳවුරක් වෙත ප්‍රහාරයක්

ඉරාකයේ සලහ්-උද්දීන් ප්‍රාන්තයේ පිහිටි කඳවුරක් වෙත සඳුදා ප්‍රහාර දෙකක් එල්ල වී තිබෙනවා.


ෂියා ඉස්ලාමීය හෂ්ද් අල්-ශාබි මිලීෂියා සංවිධානයේ සන්නද්ධ හමුදා මෙම කඳවුරේ රැඳී සිටිනවා. එය එරට ISIS ත්‍රස්ත විරෝධී සටනේ ප්‍රමුඛ සංවිධානයක්.
ඉරාකයේ ISIS සංවිධානයට එරෙහි සටනෙහි සිව්වන අදියර මෑතකදී ඇරඹුණා. එය ක්‍රියාත්මක වන්නේ දියාලා ප්‍රාන්තයේ. එයින් පෙර එහි අදියර කිහිපයක් සලහ්-උද්දීන් ප්‍රාන්තයේ ද ක්‍රියාත්මක වුණා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor