සිරියානු හමුදාව සහ ISIS ත්‍රස්තවාදීන් අතර දරුණු සටනක්

සිරියාවේ හමා ප්‍රාන්තයේදී එරට රජයේ හමුදාව වෙත ISIS ත්‍රස්තවාදීන් විසින් දරුණු ප්‍රහාරයක් එල්ල කෙරුණා.


සිරියාවෙන් ලැබෙන වාර්තා අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ හමා සහ අලෙප්පෝ ප්‍රාන්ත සම්බන්ධ කෙරෙන කනාසර් අධිවේගී මාර්ගය ආසන්නයේදී බවයි කියවෙන්නේ.
ත්‍රස්තවාදීන් 20ක් – 30ක් අතර පිරිසක් මියගිය හෝ තුවාල ලැබූ බව වාර්තා වන අතර සිරියානු හමුදාවේ ද 10ක් – 15ක් අතර පිරිසක් මියගිය හෝ තුවාල ලැබූවන් අතර සිටිනවා.


සිරියාවේ ISIS පාලනය යටතේ තිබුණු ප්‍රදේශ සියල්ල මුදාගත් නමුත් රටේ ග්‍රාමීය හා දුෂ්කර ප්‍රදේශ සමහරක සිට ත්‍රස්තවාදීන් තවදුරටත් ක්‍රියාත්මකව සිටිනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor