
පසුගිය දා ඊශ්‍රායල – ලෙබනන දේශසීමාවේ ඇතිවූ උණුසුම්කාරී වාතාවරණය හමුවේ ඊශ්‍රාය්ල යුධ ටැංකි කණ්ඩායමක් ගෝලාන් කඳුකරය වෙත යවා තිබෙනවා.
එම යුධ ටැංකි කණ්ඩායමේ බව පැවසෙන වීඩියෝ දර්ශන රුසියාවේ RT රූපවාහිනියේ අරාබි සේවය විසින් පළ කරනු ලැබුණා.
ෂීබා ගොවිපල ප්‍රදේශය ආශ්‍රිතව ඊශ්‍රායල – ලෙබනන දේශසීමාවේ පසුගියදා ගැටුමක් ඇතිවුණා. ඊශ්‍රායලය කියා සිටියේ තම දේශසීමාව හරහා කඩා වැදීමට උත්සාහ කළ හිස්බුල්ලා සටන්කාමීන් පිරිසකට තම හමුදා පහර දුන් බවයි. නමුත් එවැන්නක් සිදු නොවූ බව පවසන හිස්බුල්ලා සංවිධානය කියා සිටින්නේ ඊශ්‍රායලය නිකරුණේ වෙඩි තබා ජය ප්‍රකාශ කරන බවයි.
