
සිරියාවේ සිට ඉරාකයේ අන්බාර් ප්‍රාන්තය වෙත ඇතුල් වීමට උත්සාහ කළ ISIS ත්‍රස්ත කණ්ඩායමක් වෙත පහර දී ඔවුන් වළකා ලූ බව හෂ්ද් අල්-ෂාබි මිලීෂියා සංවිධානය පවසනවා.
කාන්තාර ප්‍රදේශයක් හරහා වැටී ඇති හෙයින් මෙම දේශසීමාව හරහා නීතිවිරෝධී ලෙස සිදුවන ගමනාගමනය වැළැක්වීම පහසු කටයුත්තක් නොවේ.
ඉරාකයේ හා සිරියාවේ ISIS පාලන ප්‍රදේශ සියල්ලෙන්ම ඔවුන්ව පළවා හැරිය නමුත් තවමත් කාන්තාර හා ඉරාකයේ කඳුකර පෙදෙස්වල ඔවුන් ක්‍රියාත්මකයි. මේ දිනවල එම රටවලින් දිනපතාම ISIS ත්‍රස්තයින් සමග සටන් වාර්තා වනවා.
