
තුර්කි සන්නද්ධ හමුදා කණ්ඩායමක් ඒකාබද්ධ යුධ අභ්‍යාසයක් උදෙසා ඊයේ දිනයේ අසර්බයිජානය වෙත ළඟා වුණා. ඔවුන් පිළිගැනීමට නහ්චිවාන් හිදී උත්සවයක් පවත්වනු ලැබුණා.
අද සිට දින 13 ක් පුරා පවත්වන මෙම අභ්‍යාසය අසර්බයිජානයේ බාකු අගනුවර ආශ්‍රිතව මෙන්ම නහ්චිවාන්, කන්යෙහ්, කොර්දිමීර් හා යුලාක් ප්‍රදේශයන් හි සිදු කෙරෙනු ඇති.
දෙපාර්ශවයේ යුධ ගුවන් යානාවල සූදානම මෙම අභ්‍යාස අතරතුර සලකා බැලෙනු ඇති. එමෙන්ම සන්නද්ධ රථ, කාලතුවක්කු හා මෝටාර් මගින් උපකල්පිත සතුරු ඉලක්ක වෙත පහර දීමද මෙහිදී අභ්‍යාස කෙරෙනු ඇති.
තුර්කිය මෙම පියවර ගන්නේ අසර්බයිජානය හා ආර්මේනියාව අතර ගැටුම් ඇතිවූ පසුබිමේයි. තුර්කිය සහ ආර්මේනියාව අතර ඇත්තේ ද සියවසකට වඩා පැරණි ගැටුමක්. තුර්කිය යනු කලාපය තුළ අසර්බයිජානය සතු හොඳම මිත්‍රයායි.
