
එක්දින ලෝක කුසලාන තරඟාවලිය 2023 සඳහා සුදුස්සන් තීරණය කිරීම සඳහා වන තරඟවලිය ජූලි 30 වන දින අයර්ලන්තය සහ එංගලන්තරය අතර පැවත්වෙන තරඟාවලියෙන් ඇරඹෙනු ඇති බවත්,එම තරඟාවලියට සුදුසුකම් ලැබීම සඳහා කණ්ඩායමක් තමන්ගේ රට තුල තරඟාවලි 4 ක් සහ පිටතදි තරඟාවලි 4 ක් සංවිදානය කළ යුතු බවත් ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
මෙම තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීම සඳහා කණ්ඩායම් 13 ක් තරඟ වදින අතර මුල් ස්තාන හත හිමි කණ්ඩායම් 2023 ලෝක කුසලාන තරඟවලියට ක්‍රීඩා කරනු ඇත.ලෝක ටෙස්ට් තරඟාවලියට සමගාමීය ක්‍රියාත්මක වන මෙම තරඟාවලියේ ජයග්‍රාහි කණ්ඩායමට ලකුණු 10 ක් හිමි වන අතර ලකුණු සම තරඟයක් හෝ ජය පරාජයෙන් තොර තරඟයකිදි දෙපිළිටම ලකුණු 5 බැඟින් හිමිවේ.
වර්ථමාන ශ්‍රේණිගත කිරීම්වට අනුව ඕමානය 13 වන ස්ථානයේ රැදී සිටින අතර ශ්‍රී ලංකාව සිටින්නේ අටවන තැනයි.පළමු තැන ලෝක කුසලානය දිනා ගත් එංගලන්තය විසින් රැකගෙන සිටින අතර 2023 සත්කාරකත්වය දරන ඉන්දියාව සිටින්නේ දෙවන තැනයි.
ඕමාන ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස දුලිප් මෙණ්ඩිස් කටයුතු කරන අතර ඔහු එරට ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන සංවර්ධන නිලධාරියා ද වෙයි.නමුත් 13 වන කණ්ඩායම ලෙස තරඟාවලියට 2015 – 2017 අයිසීසී ලීග් තරඟාවලියේ සූරතාවය දිනූ නෙදර්ලන්තයට ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලැබිමේ තරඟාවලියට සහභාගී වීමේ අවස්ථාව හිමිවීම නිසා ඕමානයට 2023 තරඟාවලිය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීම අසීරු වනු ඇත.
