අර්ජුන රණතුංගත් ටේබල් ටෙනිස් ගහලා තියෙනවා – ලලිත් ප්‍රියන්ත

ක්‍රිකට් පුහුණුවට යාමට පෙර මේස පන්දු ක්‍රීඩාවේ යම් කාලයක් නිරතවීම තමන් පුරුද්දක් විදිහට කර තිබෙන බව අර්ජුන රණතුංග පැවසූ බව මේස පන්දු පුහුණුකරු ලලිත් ප්‍රියන්ත පවසයි.ඔහු විසින් මේ බව පැවසුවේ ජූලි 28 වන දා ඔටර්ස් ක්‍රීඩා සමාජ ශාලාවේ පැවති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් විසින කරන ලද ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලෙසයි.ඔහු ඒ ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් පැවසුවේ අතේ මැණික් කටුව ආශ්‍රිත නමනීයත්වය දියුණු කර ගැනීමට මෙන්ම පන්දුව ඇස මත රඳවාගෙන පහරදීමට මේස පන්දු ක්‍රීඩාව බෙහෙවින් උපකාරී වූ බවත්,ඒ වැදගත්තම සළකා ඕනෑම තැනෙක තමන් ඒ බව පැවසූ බව ප්‍රකාශ කිරීමට නොපැකිළෙන ලෙස අරුජුන රණතුංග තමන්ට දැන් වූ බවත් යන්න පැහැදිළි කරමින්ය.

ව්‍යාපාරිකයන්,වෘත්තිකයන් මෙන්ම ගෘහණියන් ඉලක්ක කරගෙන ඉදිරියේදී මේස පන්දු පුහුණුව ලබා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ මාධ්‍ය හමුව පැවත් වූ අතර එහිදි ලලිත් ප්‍රියන්ත විසින් පෙන්වා දුන්නේ පුද්ගල නිරෝගීභාවය වෙනුවෙන් මේස පන්දු ක්‍රීඩාව ඉතා වැදගත් බවය.ඇස හා සිරුරේ ඒකාග්‍රතාවය වෙනුවෙන් අතිශයින් වැදගත් මේස පන්දු ක්‍රීඩාව ඩිමෙන්සියා වැනි මානසික ගැටළුවලින් මිදීමට ඉතා වැදගත් බව වෛද්‍යවරුන්ද පෙන්වා දී ඇති බව පැවසීය.

දැනටත් මේ වැඩ පිළිවෙලට වෛද්‍යවරුන්,ඉංජිනේරුවන් මෙන්ම මේ සමාජයේ පිළිගත් වෘත්තිකයන් සහ ව්‍යාපාරිකයන්ද සිය ශරීර සෞඛය සම්බන්ධයෙන් වෙහෙසෙන ගෘහණියන්ද තමන් සමඟ සාකච්ඡා කර ඇති බව පැවසූ ලලිත් ප්‍රියන්ත තමන්ගේ පුහුණු කටයුතු පෙරවරු 7 සිට පස්වරු 7 දක්වා විවෘතව තබන බව පැවසීය.

පවතින සමාජ තත්ත්වයට අනුව සෞඛ්‍ය නිර්දේශයන් පිළිපැදීම අත්‍යවශ්‍යය කාර්යක් බව පෙන්වා දුන් ලලිත් ප්‍රියන්ත මේස පන්දු ක්‍රීඩාවේදී දුරස්තභාවය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් මේස පන්දු ක්‍රීඩාව නිරන්තරයෙන් මේස පන්දු මේසය විසින්ම සකසා දෙන අඩි නවයක පරතරයක් සහිතව කරන බවත් පෙන්වා දුන්නේය.

“අපිට එක වරකට හයකට පමණක් ක්‍රීඩා පහසුකම් සකසා දිය හැකියි.ඒ කියන්නෙ මේස පන්දු මේස තුනක්” ලලිත් ප්‍රියන්ත සිය පුහුණු කටයුතු ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව කරුණු පැහැදිළි කරමින් පෙන්වා දුන්නේය.ප්‍රධාන වශයෙන් ඔටර්ස් ක්‍රීඩා සමාජය කේන්ද්‍ර කරගෙන සිය පුහුණු කටයුතු මෙහෙයවන බව පැවසූ ලලිත් ප්‍රියන්ත priyanthalalith2@gmail.com යන විද්‍යුත් ලිපිනයෙන් මෙන්ම 0773544825 යන දුරකථන අංකයෙන්ද ඉඩ පහසුකම් සකසා ගත හැකි බව පෙන්වා දුන්නේය.

ඔටර්ස් ක්‍රීඩා සමාජයේ මේස පන්දු පුහුණුකරු ලෙස එම ක්‍රීඩා සමාජය තුළ තමන්ට මේ ව්‍යාපෘතිය වෙනුවෙන් ලැබෙන ඉඩ ඉතා වැදගත් කොට පෙන්වා දුන් ලලිත් ප්‍රියන්ත,ඉදිරියේදී මේ ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන පිරිස වෙනුවෙන් මෙහි ඉඩකඩ වෙන් කරවා ගැනීමේ ගැටළුවවක් පැමිණියහොත් රාජකීය විද්‍යාලයේ ගෘහස්ථ ක්‍රීඩාංගණයේද ඉඩකඩ සකසා ගැනීමට හැකියාව තිබෙන බව පැවසීය.

වෘත්තිකයන්ට මේස පන්දු පුහුණු කිරීම ඔවුන්ගේ නිරෝගීභාවයට වැදගත්.මට ඒක රස්සාවක්.හැබැයි මේස පන්දු ක්‍රීඩාවට ආදරේ ඒ සමඟ ජීවත්වෙන කෙනෙක් හැටියට ඒ වෘත්තිකයන්ගෙ ආශිර්වාදය නැගී එන අපේ රටේ මේස පන්දු ක්‍රීඩකයන් වෙනුවෙන් ලබා දීමටත් බොහෝ විට මට මැදිහත්කරුවෙක් වෙන්න පුළුවන් වෙයි” ලලිත් ප්‍රියන්ත ප්‍රවීනයන් වෙනුවෙන් මේස පන්දු පුහුණුව කිරීම හරහා වර්ථමාන මේස පන්දු ක්‍රීඩාවට අත්වන ප්‍රතිලාභ පෙන්වා දෙමින් පැවසීය.

මේ සියළු කාර්යන් පිටුපස ඒඅයිඒ ආයතනයේ සේවකයෙක් ලෙස එම ආයතනය ජනතා සෞඛ්‍ය වෙනුවෙන් දක්වන උනන්දුව මත පිහිටා තමන්ට ලබා දෙන සහයෝගය ඉතා ඉහළින් අගය කළ ලලිත් ප්‍රියන්ත,එම ආයතනයේ යම් යම් ප්‍රතිලාභ සම්බන්ධයෙන් තමන් යටතේ ක්‍රීඩා කිරීමට පැමිණෙන පිරිස්වලට ලබා දිය හැකි අවබෝධය සහ සහයෝගය ද එම පිරිසට ඉතා වැදගත් වනු ඇති බව පැවසීය.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor