හොංකොං හි බරපතල කෝවිඩ්-19 ව්‍යාප්තියක් පිළිබඳ අනතුරක්

හොංකොං ප්‍රදේශයේ ප්‍රජාව අතර බරපතල කෝවිඩ්-19 වසංගත ව්‍යාප්තියක් පිළිබඳ එහි ප්‍රධාන විධායක කැරී ලෑම් අනතුරු අඟවා සිටියා.


ඇය පවසන්නේ මෙම තත්ත්වය බරාඅතල වුවහොත් ඊට මුහුණ දීම එහි රෝහල්වලට ද අපහසු වනු ඇති බවයි.


තත්ත්වය පාලනය කිරීමේ අදහසින් සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට නව සීමා පැනවීමට ද හොංකොං රජය කටයුතු කළා. ඒ අනුව දෙදෙනකුට වැඩි පිරිසක් අතර ජන ඒකරාශී වීම් තහනම් කර ඇති අතර, පොදු ස්ථානවල මුහුණු ආවරණ පැළැඳීම අනිවාර්ය කර තිබෙනවා.


මේ අතර මහජන චීන රජයේ ද ආධාරයෙන් ඇඳන් 2000 කින් යුතු නව රෝහලක් ඉදි කිරීමට ද හොංකොං පරිපාලනය සූදානම් වනවා.


ජනවාරියේ සිට මේ වනවිට කෝවිඩ්-19 ආසාදිතයින් 2880 ක් හොංකොංවලින් වාර්තා වනවා. එමෙන්ම මරණ ද 23 ක් වාර්තා වුණා. ජූලි 28 වනදා නව ආසාදිතයින් 106 ක් වාර්තා වුණා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor