ආසියානු බීච් වොලිබෝල් සංචිත තේරීම අගෝස්තු 02 දා

ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල 2021 සඳහා බීච් වොලිබෝල් අංශයෙන් තරඟ කරන ශ්‍රී ලංකා සංචිත තේරීම සඳහා වන පරීක්ෂණය අගෝස්තු 02 දින පෙරවරු 8.30 සිට හෙයියන්තුඩුව තරුණ සේවා සභා පුහුණු මධ්‍යස්ථානයේදී පැවත්වීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය කටයුතු සංවිධානය කර ඇත.

මෙම සංචිතය සඳහා සුදුසු වන්නේ අවුරුදු 25 අඩු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් බැවින් 1995 – 01 -01 ට පසු උපන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් මෙම පරීක්ෂණය සඳහා සහභාගි විය යුතු බව ද වොලිබෝල් සම්මේලනය තව දුරටත් අනාවරණය කරයි.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor