වාහන ලක්ෂ ලක්ෂ 17 ක් මහ පාරේ

ශ්‍රී ලංකාවේ මේ වන විට වාහන ලක්ෂ 17ක් පමණ මාර්ගයන්හි ධාවනය වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවැසීය.

අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු තවදුරටත් සඳහන් කළේ වසරකට වාහන ලක්ෂයක් පමණ අලුතින් ලියාපදිංචි කරන බවයි.

වාහන සංඛ්‍යාව ඉහළ යෑමට සාපේක්ෂව මාර්ග කිලෝමීටර් සංඛ්‍යාව වැඩි නොවන බවත් ඔහු සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor