පර්පෙචුවල් ගිණුමකින් මුදල් ගෙවීමට නියෝගයක්

මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ තත්කාලීන දඩ ගෙවීම් පද්ධති ගිණුමෙන් රුපියල් 1508000  මුදලක් මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට නියෝග කර තිබේ.

එම සමාගමේ මුදල් ආයෝජනය කළ කාන්තාවක් වෙත මෙසේ මුදල් මුදාහැරීමට පියවර ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළේය.

සමාගමේ මුදල් ආයෝජනය කිරීම වෙනුවෙත් තමන්ට රුපියල් 1508000ක මුදලක් අයවිය යුතු බවට එම කාන්තාව සිය නීතිඥවරයෙක් මාර්ගයෙන් අධිකරණයේ කළ කරුණු දැක්වීමට අදාළව අධිකරණය මෙම තීරණය නිකුත් කළේය.

Recommended For You

About the Author: Editor