මුඛ පිළිකාව කලින්ම හඳුනාගැනීම වැදගත් – වෛද්‍ය ජානකී විදානපතිරණ

මුඛ පිළිකා හේතුවෙන් ශ්‍රී ලංකාවේ දිනකට පුද්ගලයින් තිදෙනෙකු මිය යන බව ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජානකී විදානපතිරණ මහත්මිය පවසයි.

කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඇය මේ බව පවසා ඇත.

මුල් අවස්ථාවේ දී හඳුනාගෙන ප්‍රතිකාර කිරීමට අසමත් වීම හේතුවෙන් පහසුවෙන් වළක්වාගත හැකි මුඛ පිළිකාවෙන් රෝගීන් මිය යන බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

එසේම ප්‍රතිකාර සඳහා පැමිණීමේදීත් ශ්‍රී ලංකාවේ 70%ක්ම රෝගීන් පැමිණෙන්නේ මුඛ පිළිකාව අවසන් අදියරට පැමිණීමෙන් පසු බවත් එම අදියරේ දී ප්‍රතිකාර කිරීම අසීරු බවත් ඇය පැවසුවාය.

Recommended For You

About the Author: Editor