චීන හැකරුන් වතිකානුවට ද රිංගා ඇතයි චෝදනාවක්

චීනයට සම්බන්ධ හැකර් කණ්ඩායම් වතිකානුවේ සහ කතෝලික පල්ලියට සම්බන්ධ වෙනත් ආයතනවල පරිඝණක පද්ධති වෙත රහසේ ඇතුල් වී ඇතැයි මැසචුසෙට්ස් ප්‍රාන්තයේ සයිබර් ආරක්ෂණ සමාගමක් වන Recorded Future සමාගම පවසනවා. පසුගිය මැයි මාසයේ සිට මෙම ප්‍රහාර එල්ල වූ බවයි ඔවුන් පවසා සිටින්නේ.


මෙම සමාගම නිකුත් කළ වාර්තාවකින් පෙන්වා දෙන්නේ චීනයේ RedDelta හැකර් කණ්ඩායම වතිකානුවේත්, හොංකොං හි කතෝලික දියෝකිසයේත්, හොංකොං හි චීන අධ්‍යයන ආයතනයේත්, විදෙස් නියෝජිතයන් පිළිබඳ වතිකානු ආයතනයේත් යනාදී වශයෙන් විවිධ ආයතනවල පරිඝණක පද්ධති ආක්‍රමණය කර ඇති බවයි.


චීනය සහ කතෝලික පල්ලිය අතර 2018 දී එකඟතාවක් ඇතිවූ අතර එය අලුත් කිරීමේ සාකච්ඡා නුදුරේදී පැවැත්වෙනු ඇති. මේ සාකච්ඡාවලට පෙර වතිකානුව ඒ පිළිබඳ දරන ස්ථාවරයන් දැනගැනීමට දාල හැකරුන් උත්සාහ කරන්නට ඇතැයි සැක කෙරෙනවා.
එමෙන්ම හොංකොං හි දැන් පවතින තත්ත්වය පිළිබඳ කතෝලික පල්ලියේ අදහස් දැන ගැනීමට ද චීනය අපේක්ෂා කරන්නට ඇතැයි අදාල සමාගම සැක පළ කර සිටිනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor