
දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ නැගෙනහිර පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන ජේ. ජෙගනාදන් මහතා ඇතුළු මහජන නියෝජිතයන් 15 දෙනෙකු මෙවර මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය දැක්වීමට තීරණය කර තිබේ.
ත්‍රිකුණාමලය මල්ලිකා හෝටලයේදී 28දා පස්වරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ බව පවසා ඇත.
මේ සඳහා ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකු, උප සභාපතිවරයෙකු, හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් 07 දෙනෙකු, හිටපු ප්‍රාදේශිය සභා සභාපතිවරුන් දෙදෙනෙකු සහ හිටපු විපක්ෂ නායකයන් දෙදෙනෙකු ඇතුළු පිරිසක් සහභාගි වී තිබේ.