
මුහම්මද් නබිතුමාට අපහාස කිරීම පිළිබඳ පාකිස්ථානයේ දෙව්වාපහාස නීතිය යටතේ චෝදනා ලද අයෙකුට ඔහුගේ නඩු විභාගය අතරතුරදී වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
පෙෂාවර් නගරයේදී සිදුවූ මෙම වෙඩි තැබීම සිදුකළ තැනැත්තා පොලිස් අත් අඩංගුවට පත්වුණා.
චෝදනාවට ලක්වූ පුද්ගලයා වසර දෙකකට පෙර අදාල චෝදනා පිළිබඳ අත් අඩංගුවට ගන්නා ලද්දෙක්. ඔහු අහමදියා නිකායට අයත් අයකු බවයි පැවසුණේ. එමෙන්ම වාර්තා වන අන්දමට ඔහු තමන් ශාස්තෘවරයකු බවට ප්‍රකාශ කරගෙන තිබෙනවා.
අහමදියා නිකාය පාකිස්ථානය විසින් සලකන්නේ මුස්ලිම් නොවන කණ්ඩායමක් ලෙසයි. ඊට හේතු වූයේ ඔවුන් විසින් සිය නිකායෙහි නිර්මාතෘ ගුලාම් අහමඩ්ව ශාස්තෘවරයකු ලෙස සැලකීමයි.
ඉස්ලාම් දහමෙහි නබිතුමා හැර අන් ශාස්තෘවරයකු පිළිගන්නේ නැහැ.
පාකිස්ථානයේ දේවාපහාස නීතිය යටතේ කෙනෙකුට උපරිම වශයෙන් මරණ දණ්ඩනය පැනවිය හැකියි. මෙතෙක් රජය එවන් මරණ දණ්ඩනයක් ක්‍රියාවට නගා නැහැ. එහෙත් බොහෝවිට මෙම චෝදනා ලැබූවන්ට එරෙහිව සාමාන්‍ය ජනයා නීතිය අතට ගනු දැකිය හැකියි. තවද දේවාපහාස නීතිය ඇතැමුන් විසින් පුද්ගලික කෝන්තර පිරිමසාගැනීමට ද අවභාවිතා කරනු ලබන්නක්.
