‘ජොබ්’ පෝලිම ලක්ෂ 5ට කිට්ටු වේ

ශ්‍රී ලංකාවේ හාරලකෂ අසූදහසක පිරිසක් රැකියා විරහිතව සිටින බව නිල වශයෙන් වාර්තා වී ඇතැයි ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තාව අනාවරණය කරයි. 2020 වර්ෂය සඳහා විරැකියාව පිළිබඳ දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්ෂික වාර්තාවෙන් මෙම තොරතුරු ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර කොවිඩ් වසංගතය හේතුවෙන් මෙරට රැකියා අහිමි වූවන්ගේ සංඛ්‍යාව සොයා බැලීම සඳහා සමීක්ෂණයක් ආරම්භ කිරීමටද දෙපාර්තමේන්තුව සූදානම් වේ. එම සංගණනයේදී මෙරට නිෂ්පාදනය සහ ආදායම පහත වැටීම මෙන්ම කොවිඩ් වසංගතය අතරතුර විෂබීජ නාශක සඳහා වැය කළ යුතු මෙන්ම ඒ ආශ්‍රිත අනෙකුත් නව වියදම් පිළිබඳව සමීක්ෂණය කිරීමට නියමිත බව දෙපාර්තමේන්තුව පවසයි. එසේම මෙම සමීක්ෂණයේදී ත්‍රිරෝද රථ හා වෙනත් කුලීරථ සේවා රියැදුරන් කෙරෙහිද විශේෂ අවධානයක් යොමු කෙරෙනු ඇත.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අදාළ සංගණනය එළැඹෙන අගෝස්තු 15 වැනිදා අන්තර්ජාලය මගින් ආරම්භ කිරීමට නියමිත අතර එය සැප්තැම්බර් මාසයේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිතය.

Recommended For You

About the Author: Editor