පාවහන් සීයක් හොරකම් කළ නරියෙක්

විවිධ අවස්ථාවලදී පාවහන් 100ක් පමණ සොරකම් කළ නරියකු පිළිබඳ ජර්මනියේ බර්ලින් නගරයේ නිරිතදිගින් පිහිටි සාලෙන්ඩෝර්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
මෙම නරියාගේ ක්‍රියාව පිළිබඳ සොයාගෙන ඇත්තේ ක්‍රිස්ටියන් මේයර් නම් ප්‍රදේශවාසියකු විසින් බවයි සඳහන් වුණේ.


මේයර්ගේ පාවහන් කුට්ටමක් අතුරුදහන් වීමෙන් පසු ඔහු ඒ පිළිබඳ එරට ප්‍රජා තොරතුරු හුවමාරු කරගන්නා වෙබ් අඩවියක විමසීමක් කර තිබුණා. එවිට ඔහුට දැනගන්නට ලැබුණේ තවත් එවැනි සොරකම් ගණනාවක් ප්‍රදේශයේ සිදුවී ඇති බවයි.


ඉන් දින කිහිපයකට පසු මේයර් අදාල නරියා සෙරෙප්පු දෙකක් ඩැහැගෙන යනු දැක උගේ ඡායාරූපයක් ගෙන තිබෙනවා. පසුව උගේ පාවහන් එකතුව සොයාගන්නට ද මේයර් සමත් වී තිබෙනවා.


මේයර්ගේ පාවහන් එහි තිබී නැතත් පාවහන් නැතිවූ කිහිප දෙනෙක් එසේ නැතිවූ පාවහන් එම එකතුවෙන් සොයාගත් බව වාර්තා වනවා.

චාමර සුමනපාල

Recommended For You

About the Author: Editor