මෙවර ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයේ වෙනසක්

මෙවර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහය වෙනස් කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය.

ඒ අනුව පළමු ප්‍රශ්න පත්‍රයට මෙතෙක් ලබාදී තිබූ විනාඩි හතළිස් පහක කාලය පැයක් ලෙස අමතර විනාඩි 15කින් දීර්ඝ කෙරෙන අතර, දෙවැනි ප්‍රශ්න පත්‍රය සඳහා ලබාදී තිබූ වරණ හතරක් සහිත බහු වර්ණ ප්‍රශ්නවල වරණ සංඛ්‍යාව වරණ තුන දක්වා අඩු කෙරේ.

රට තුළ උද්ගතව පැවැති තත්ත්වය හේතුවෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බලපෑම හා පීඩනය කෙරෙහි අවධානය යොමු කරමින් මෙම තීරණය ගත් බව ඇමැතිවරයා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නව වෙබ් අඩවිය ඊයේ (29 වැනිදා) එළිදැක්වමේ අවස්ථාවට එක්වෙමිනි.

Recommended For You

About the Author: Editor