රූට් ට පොඩි පුතාගේ පැමිණීම සමරන්න තරඟාවලි ජයක්

එංගලන්ත කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලද තරඟාවලි ජය එංගලන්ත නායක ජෝ රූට්ගේ අලුත උපන් දරුවා පිළිගන්නට ලබා දුන් ජයක් ලෙස ක්‍රිකට් විචාරකයෝ හඳුන්වති.මෙම තරඟාවලියේ පළමු තරඟයට දරුවාගේ උපත සිදුවන අවස්ථාවේ සිය පෙම්වතිය සමඟ රැඳී සිටීමට රූට් තීරණය කර තිබූ බැවින් ඔහුසහභාගි වූයේ නැත.තරඟ තුනකින් සමන්විත වූ මෙම තරඟාවලියේ එම තරඟයෙන් එංගලන්තය පරාජය වුව ද,දෙවන තරඟයේ සිට නැවත නායකත්වයේ වගකීම සමඟ පැමිණි ජො රූට් ඉතිරි තරඟ දෙකම ජය ගැනීමට අවශ්‍යය නායකත්වයේ මඟ පෙන්වීම ලබා දෙමින් එංගලන්තයට 2-1 ලෙස තරඟාවලි ජයක් ලබා දෙන්නට කැපවිය.

අවසාන ටෙස්ට් තරඟයේ එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය සඳහා දින දෙකකට වඩා කාලයක් සහිතව කොදෙව් කණ්ඩායමට ලකුණු 399 ක ඉලක්කයක් ලබා දුන් අතර සිව්වැනි දිනය වර්ෂාව විසින් ගිල ගැනීම නිසා කොදෙව්වන්ට එක් දිනයක් තුළ නොදැවී සිටීම දකවා තරඟය බේරා ගැනීමට අවස්ථාවක් උදා විය.නමුත් පස්වන දිනයේ තරඟය අරඹා පන්දු ඕවර් 31 ක් ගෙවෙන තැන සම්පූර්ණයෙන් කොදෙව් කණ්ඩායම දවා ගැනීමට එංගලන්තයට හැකියාව ලැබිණි.

පළමු ඉණිමේ ලකුණු 31 ට කඩුලු 6 ක් දවා ගනිමින් කොදෙව් කණ්ඩායම අසරණ කළ ස්ටුවර්ට් බ්‍රෝඩ් දෙවන ඉණිමේදී ලකුණු 36 ට කඩුලු 4 ක් දවා ගත්තේ සමස්ත තරඟයේ ලකුණු 67 ට කඩුලු 10 දවා ගනිමින්ය.පිත්තෙන්ද එංගලන්ත පළමු ඉණිමට ප්‍රවේගකාරී ලකුණු 62 නි දායක වූ බ්‍රොඩ් විවාදයකින් තොරව තරඟයේ වීරයා ද විය.නමුත එංගලන්ත දෙවන ඉණිමේ වඩාත්ම ප්‍රතිපලදායක පන්දු යවන්නා වූයේ ලකුණු 50 කඩුලු 5 ක් දවා ගත් ක්‍රිස් වෝක්ස් ය.

කොදෙව් ඉණිමේ වැඩිම ලකුණුලාභියා වූ ෂායි හෝප් ලකුණු 31 න් සිය කණ්ඩායමට දායකත්වය සැපයීය.රොස්ටන් චේස් කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තරඟාවලිය පුරා පන්දුවෙන් සහ පිත්තෙන් දස්කම් දක්වමින් ලකුනු 151 සහ කඩුලු 10 ක් ලබා ගන්නට සමත් විය.ඒ නිසා ඔහු ස්ටුවර්ට් බ්‍රෝඩ් සමඟ තරඟාවලියේ වීරයා සම්මානයෙන් පුද ලැබීය.තරඟ දෙකකට පමණක් ක්‍රීඩා කළ බ්‍රෝඩ් එම තරඟ දෙකේදීම එංගලන්ත ජය වෙනුවෙන් කොදෙව් කඩුලු 16 ක් දවා ගෙන තිබුණේය.

තරඟයේ ලකුණු විස්තරයට පහත සබැඳියවෙන් පිවිසෙන්නට හැකිය.

https://www.espncricinfo.com/series/19497/scorecard/1225249/england-vs-west-indies-3rd-test-west-indies-in-england-2020

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor