
සභාපති කුසලාන පාපන්දු තරඟාවලිය අගෝස්තු 9 දා ආරම්භ කිරීමේ බලාපොරොත්තු ඇතිව කණ්ඩායම් කාණ්ඩ කිරීමේ කටයුතු පාපන්දු නිවසේදි සිදු විය.මිලියන 30 ක පමණ මුදලක් වැය කරමින් පවත්වන්නට නියමිත පාපන්දු තරඟාවලිය ජූලි 26 දා ආරම්භ කිරිමට බලාපොරොත්තුවෙන් සිටියද,රටේ පැවති අයහපත් සෞඛ්‍ය තත්ත්වය නිසා එය අගෝස්තු 9 දා දක්වා ඉදිරිය ගෙන විත් තිබේ.තරඟවලිය පුරාවටම රජයේ සෞඛය උපදේශන මාලාව ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය කටයුතු සිදු කරමින් සභාපති කුසලානය ක්‍රියාත්මක වෙනු ඇති බව පාපන්දු සම්මේලනය නිවේදනය කරයි.
ඊයේ පාපන්දු නිවසේ පැවති කණ්ඩායම් ඒ ඒ කාණ්ඩවලට නම් කිරීමේ අවස්ථාවේදී කුසපත් ඇදීමෙන් ඒ කාණ්ඩයෙන් තරඟ වැදීමට කළුතර බ්ලූ ස්ටාර්,අප් කන්ට්‍රි ලයන්ස්,මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය සහ ජාවාලේන් කණ්ඩායම් සුදුසුකම් ලබා ගත්තේය.බී කාණ්ඩයෙන් තරඟ වදින්නේ රිනවුන්,මාතර සිටි,වෙන්නප්පුව නිව් යන්ග් සහ නිව් ස්ටාර් කණ්ඩායම්ය.යුද හමුදාව,සුපර් සන්,රෙඩ් ස්ටාර් සහ සෝන්ඩර්ස් සී කාණ්ඩයෙන්ද තරඟ බිමට පිවිසෙන අතර ඩී කාණ්ඩයෙන් සීහොක්ස්,රත්නම්,ශ්‍රී ලංකා පොලිසිය සහ සෙරන්ඩිබ් කණ්ඩායම් තරඟ බිමට පිවිසෙනු ඇත.ඊ කාණ්ඩයෙන් තරඟවලියට සහභාගි වන්නේ කොළඹ පාපන්දු සමාජය,බ්ලූ ඊගල්,ක්‍රිස්ටල් පැලස් සහ ශ්‍රී ලංගම කණ්ඩායම් ය.
ඡායාරූපයේ දැක්වෙන්නේ පාපන්දු නිවසේ දී සිදු වූ කුසපත් ඇදීමේ අවස්ථාවකි.
