විනය කමිටුවේ තීරණයට හිසනමා ගරු කරනවා – කුසල් මෙණ්ඩිස්

තමා අතින් සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ක්‍රිකට් අආයතනයේ විනය කමිටුව ඉදිරියේ පෙනි සිටින්නට සිදු වි ඇති බව පිළිගත් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙණ්ඩිස් එහිදි විනය කමිටුව විසින් ගනු ලබන ඕනෑම තීරණයකට තමන් හිස නමා එකඟ වන බව පැවසීය.

“ජීවිතයක් කියන්නෙ මිල කළ හැකි දෙයක් නොවේ.නමුත් ඒ වරද සිදු වී අවසන්.දැන් මං කල්පනා කරන්නේ ඒ නිසා අසරණ වූ අනිත් ජීවිත සමබන්ධයෙන්.ඔවුන්ට යහපත් ජිවිතයක් ගත කරන්න පුළුවන් වටපිටාවක් තනා දෙන්න.මම ඉතාම දුක් විදලා මගේ තාත්තා මෙතැනට ගේන්න මහන්සි වෙච්චි හැටි මං දන්නවා.සමහර වෙලාවට ඒවා කරේ කුසට නොකා.ඒ නිසා මට පවුලක් නඩත්තු කරන කෙනෙක් ඒ පවුලට අහිමි විම ගැන හොඳට දැනෙනවා.”

කුසල් අනතුර සම්බන්ධයෙන් පැතිරෙන විවිධ ප්‍රචාරයන් ගැන අදහස් දක්වමින් පැවසිය.

මුදලින් ජීවිතයක් මනින්න බැහැ.ඒත් මං ඒ අයට රුපියල් ලක්ෂ දහයක මුදලක් දුන්නා.ඒ අයට ලක්ෂ විස්සක් වටින ඉඩමක් පරිත්‍යාග කරන්නත් මං කටයුතු කරලා තියෙනවා.මියගිය කෙනා ඒ පවුල වෙනුවෙන් දැකපු හීන හැබෑ කරන්න මම ඉදිරියටත් හොයා බලනවා.මට කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ සහයෝගයත් මේ වෙනුවෙන් ලැබෙනවා.ඔවුන් මා එක්ක මගේ පවුලෙ සාමාජිකයන් වගේම මේ කම්පනයෙන් මාව ගලවාගන්න ළඟ ඉන්න එක්ක මට දෙවියන් විසින් දුන් තෑග්ගක් යනුවෙන් පවසන කුසල් ඉදිරි ක්‍රීඩා ජීවිතයේදී මගේ අත්වරද නිසා අසරණ වූ අය වෙනුවෙන් ද ඉතා හොඳින් ක්‍රීඩා කර සාර්ථක වීම අපේක්ෂාව බව පවසනවා.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor