ක්‍රිකට් ආයතනයට අයිසීසී ය රවයි

මේ වන විට ත්‍රී පුද්ගල කමිටුවක් මඟින් තරඟ පාවා දීමේ චෝදනා එල්ල වී ඇති ක්‍රීඩකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය පරීක්ෂණයක් පැවත්වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආශිර්වාදය ඇතිව සිදු වී තිබීමත්,එම ආශිවාදය හිමිවීමට යම් දේශපාලන බලපෑම් සිදු වී ඇති බවටත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිගමනය වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් දැඩි කණස්සල්ලෙන් පසුවන බවත් වාර්තා වෙනවා.

ඩුබායි හී 2017 පැවති ටී 10 තරඟවලිය සමබන්ධයෙන් තරඟ පාවා දීම පිළිබඳව බොහෝ කතා නිර්මාණය වි තිබෙනවා.තහනමට ලක් වී සිටින නුවන් සොයිසා,දිල්හාර ලොකුහෙට්ටිගේ මෙන්ම ඒ කණ්ඩායමේ පුහුණුකරු ධූරය දැරූ අවිශ්ක ගුණවර්ධන ද ක්‍රිකට් ආයතනයේ සේවය ක සනත් බණ්ඩාර ජයසුන්දර සම්බන්ධයෙන්ද අමාත්‍යංශය වෙනම පරීක්ෂණයක් පැවත්වීම සම්බන්ධයෙන් අයිසීසී ආයතනය නොසතුට පළ කරනවා.

අයිසීසියේ අවසරය මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අනුමැතිය නැතිව පවත්වා ඇති මෙම තරඟාවලිය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවලට අනුව මෙම තහනම පැනවී ඇති බව පවසන අයිසීසී ය,ඒ සම්බන්ධයෙන් වැය කර ඇති මුදල් ක්‍රීඩකයන් අතට පත් වී නොමැතිනම් ඒවා ලබාගත් කෙනෙක් සොයා ගත යුතු බවත් පවසනවා.ක්‍රීඩකයන් වෙනුවෙන් එම කරුණු අනාවරණය කර ගන්නට උපකාර කිරීම පසෙක තබා දේශපාලන ඉල්ලීම් මත ක්‍රියා කිරීම සම්බන්ධයෙන් බොහෝ විට ඉදිරියේදී අයිසිසී ය අවවාදාත්මක ලිපියක් ක්‍රිකට් ආයතනයට යොමු කරනු ඇති බවද එම ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

ක්‍රීඩකයන්ගේ නිවැරදි බව හෝ වැරද්ද තහවුරු කර ගැනීමට කරන පරීක්ෂණ නොනැවතී සිදුවන බව අයිසීසිය වාර්තා කරන අතර තහනම ප්‍රකාශයට පත් වූ අවස්ථාවේ ස්විට්සර්ලන්තයේ තිබෙන ක්‍රීඩා බේරුම්කාර මණ්ඩලයට ක්‍රීඩකයන් ඉදිරිපත් කරන ලද පැමිණිල්ල නිසා එම කටයුතු ප්‍රමාද වෙමින් පවතින බව ද අයිසීසී ය විසින් පෙන්වා දෙනවා.ක්‍රීඩා අමාත්‍යංශය හරහා පරීක්ෂණයක් කරන්නට යන්න ක්‍රීඩකයන් බේරුම්කාර මන්ඩලයේ පරීක්ෂණය වෙනුවෙන් ගෙවිය යුතු ඩොලර් 8000 ක මුදල නොගෙවීම නිසා එම පරීක්ෂණය ඇන හිටී ඇති බව පෙන්වා දෙන අයිසීසී ය,එය පැවත්විය හැකිනම් තමන්ගේ පරීක්ෂණ සහ ඒ දත්ත ද ක්‍රීඩකයන්ට තම නිර්වද්‍යතාවය වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන කරුණුද,සැළකිල්ලට ගෙන වඩාත් යහපත් දේ ක්‍රීඩාව වෙනුවෙන් ලබා දිට හැකි බව පවසන අයිසිසි ය,එය නොසළකා දේශපාලන වශයෙන් ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වීමට සහයෝගය නොදිය යුතු බවද ප්‍රකාශ කර සිටිනවා.

නිශ්මං රණසිංහ

Recommended For You

About the Author: Editor