
පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ රාජ්‍ය නිලධාරීන් අල්ලස් ලබාගැනීමේ වැඩිවීමක් පවතින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පද්මිණි වීරසූරිය පවසන්නේ 2020 වර්ෂයේ ගෙවී ගිය මාස 7ක කාලය තුළ ක්‍රියාත්මක කළ වැටලීම් 17කින් සැකකරුවන් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම සැකකරුවන් අතර, විදුහල්පතිවරයෙක්, පොලිස් සැරයන්වරු සිවුදෙනෙක්, කොස්තාපල්වරයෙක්, පොලිස් පරීක්ෂකවරයෙක්, උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙක් සහ ධාවන සටහන්කරුවෙක් සිටින බවද කොමිසම පෙන්වා දෙයි. ඊට අමතරව, ආගමන විගමන දෙපාර්මේන්තුවේ කළමනාකරණ සහකාරවරයෙක්, මධ්‍යම සංස්කෘතික අරමුදලේ ව්‍යාපෘති කළමනාකරුවෙක්, ප්‍රාදේශීය ලේකම්වරයෙක්, සහකාර අධ්‍යක්ෂවරයෙක් සහ ග්‍රාම නිලධාරියකු ඇතුළු පිරිසක්ද සිටින බව කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
අල්ලස් ගැනීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පසුගිය වසරේ ජනවාරි පළමුවැනිදා සිට ජූලි මස 27 වැනිදා තෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 24කි.