මහනුවර පළමු රන්දෝලි පෙරහර අද

මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (30) වීදි සංචාරය කිරීමට නියමිතය.

පස්වරු 06 පසුවී විනාඩි 49ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිසා මුඛව ආරම්භ වන පෙරහර වැව පාර, දළදා වීදිය, ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර, දේව වීදිය, කොළඹ වීදිය, ඊ.එල්. සේනානායක වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් ගෙවැදීමට නියමිතය. අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු මස 03 වන දිනදා දිය කැපීමේ පෙරහර හා දහවල් පෙරහර 04 දින ද පැවැත්වේ. කොවිඩ් 19 රෝග පාලනය උදෙසා වන සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුව මෙවර දළදා පෙරහර මහජනතාවට විවෘත නොවන අතර විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පෙරහර දිනපතා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ.

Recommended For You

About the Author: Editor