ආසාදිත මිලියන 1.5 ඉක්මවූ ඉන්දියාව සීමා ලිහිල් කරලා

තුන්වැනි අදියරෙහි සීමා ලිහිල් කිරීමේ කොටසක් ලෙස ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (29දා) නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

කෙසේ වෙතත් ඉන්දියාවේ සෞඛ්‍ය හා පවුල් සුභසාධන අමාත්‍යාංශයට අනුව ඉන්දියාවේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 1.5ක් ඉක්මවා ගොස්, සති දෙකකට ආසන්න කාලයක් තුළ රට තුළ ආසාදිතයන් මිලියන භාගයක් වාර්තා පසුබිමක මෙසේ සීමාවන් තරමක් දුරට ලිහිල් කර තිබීම ගැන යහපත් ප්‍රතිචාරයන්ට වඩා, විවේචනයන් පවතී.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පසුගිය මාර්තු 24දා සති තුනක් රටපුරා අගුලු දැමීම නිවේදනය කළ අතර, එතැන් සිට යම් යම් ලිහිල් කිරීම්ද ප්‍රකාශයට පත් කරමින් අගුලු දැමීම කිහිප වතාවක් දීර්ඝ කළේය.

Recommended For You

About the Author: Editor