
එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කළ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සුරැකීම වෙනුවෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සමඟි ජනබලවේගය තීරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනකු හා සම්බන්ධ වී මේ පිළිබඳ සාකච්ඡා කර අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව එම පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
ඒ මහතා මෙසේ ප්‍රකාශ කළේ සමඟි ජනබලවේගය කාර්යාලයේ ඊයේ (29දා) පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.