ඡන්ද රාජ­කා­රි­ව­ලට පොලී­සි­යට රුපියල් බිලි­ය­න­යක්

මෙවර මහ මැති­ව­ර­ණය සඳහා පොලිස් නිල­ධා­රීන්, පොලිස් විශේෂ කාර්ය බළකා නිල­ධා­රීන් සහ සිවිල් ආර­ක්ෂක බළ­කායේ නිල­ධා­රීන් 75000කට ආසන්න ප්‍රමා­ණ­යක් යෙද­වී­මට කට­යුතු කරන බව මැති­ව­රණ කට­යුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා පව­සයි.

මැති­ව­රණ රාජ­කාරි කට­යුතු කිරිම සඳහා මැති­ව­රණ කොමි­සම විසින් පොලි­සි­යට රුපි­යල් බිලි­ය­න­ය­කට ආසාන්න ප්‍රමා­ණ­යක් ලබාදී ඇති බවද ඒ මහතා කියා සිටි­යේය.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (29) පොලිස් මූල­ස්ථා­නයේ පැවැති විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­වේ­දීය.

මැති­ව­රණ කට­යුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති ප්‍රියන්ත වීර­සූ­රිය මහතා තව­දු­ර­ටත් කියා සිටියේ මේ වන විට මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් පුද්ග­ල­යන් අත්අ­ඩං­ගු­වට ගැනීම් 317ක් වාර්තාවී ඇති අතර එයින් අපේ­ක්ෂ­ක­යන් 06 දෙනකු අත්අ­ඩං­ගු­වට ගෙන ඇති අතර, මැති­ව­රණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමි­ණිලි 289ක් වාර්තා­වන අතර එයින් 80ක් දරුණු අප­රාධ නොවන පැමි­ණිලි බවයි . පසු­ගිය ජනා­ධි­ප­ති­ව­ර­ණ­යට සාපේ­ක්ෂව ප්‍රචණ්ඩ ක්‍රිය වැඩි­වී­මක් වාර්තා­වු­වද 2015 මැති­ව­ර­ණ­යට සාපේ­ක්ෂව සම­ස්ථ­යක් ලෙස සිය­යට 35.25ක අඩු අග­යක් ගන්නා වන බවත් එවැනි අග­ය­කට හේතු­වක් වි ඇත්තේ මැති­ව­ර­ණය සම්බ­න්ධ­යෙන් ප්‍රචා­රණ කට­යුතු වලට ශ්‍රී ලංකා පොලි­සිය මැති­ව­ර­ණය ප්‍රකා­ශ­යට පත් කළ දින සිට මැති­ව­රණ නීතිය බලා­ත්මක කිරීම බවද කියා සිටි­යේය.

Recommended For You

About the Author: Editor