
මැදපෙරදිග කලාපයේ පිහිටි විශාලම ඇමරිකන් කඳවුර වන කටාර් හි අල් ඔබෙයිඩ් කඳවුරෙහි බව කියන චන්ද්‍රිකා ඡායාරූප නිකුත් කිරීමට ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී මුරභට හමුදාවට සම්බන්ධ පුවත් ආයතන විසින් කටයුතු කර තිබෙනවා.
මෙම ඡායාරූප ලබාගෙන ඇත්තේ අප්‍රේල් 22 වනදා ඉරානය විසින් කක්ෂගත කෙරුණ නූර්-1 චන්ද්‍රිකාව විසින් බවයි ඉරානය පවසන්නේ.
මෙම චන්ද්‍රිකාව පොළව මට්ටමෙන් කිලෝමීටර් 425 ක් උසින් ගමන් ගන්නා අතර මෙම චන්ද්‍රිකාවෙහි ඔත්තු බැලීමේ හැකියාව ඇමරිකානුවන් විසින් මීට පෙර ප්‍රශ්න කර තිබුණා. මෙසේ ඡායාරූප හෙළිකිරීම ඊට දැක්වූ ප්‍රතිචාරයක් ද වනවා.
අල්-ඔබෙයිඩ් හි ඇමරිකානුවන් 13,000 ක් පමණ සිටින අතර ඉරානය අවට රටවල සමස්ථයක් ලෙස 40,000 ක පමණ ඇමරිකානු භට පිරිසක් රැඳී සිටිනවා.