බංගලාදේශ ක්‍රිකට් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සාකච්ඡාවක

එළැඹෙන සැප්තැම්බර් මාසයේ බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නට එකඟතාවය පළ කර ඇති බව පෙන්වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රකාශකයෙක් පැවසූවේ දැනට ජාත්‍යන්තර ටෙස්ට් තරඟාවලිය යටතට ගැනෙන පැවත්වෙන ටෙස්ට් තරඟ දෙක සහ අනෙකුත් තරඟ සම්බන්ධයෙන් මේ වන දෙරට ක්‍රිකට් පරිපාලනයන් සාකච්ඡා පවත්වන බවය.

එසේම වසංගත තත්ත්වයෙන් පසුව දකුණු ආසියාවේ පවත්වන පළමු ක්‍රිකට් තරඟය පැවත්වීමේ භාග්‍යය මේ හරහා ශ්‍රී ලංකාවට හිමිවනු ඇති පෙන්වා දෙන ක්‍රිකට් ආයතන ප්‍රකාශකයා අගෝස්තු 28 වන දා ආරම්භ කිරීමට නියමිත 20/20 ශ්‍රී ලංකා ප්‍රිමියර් ක්‍රිකට් තරඟාවලියේ කණ්ඩායම් පහ සඳහා විදෙස් ක්‍රීඩකයන් ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන්ද සාකච්ඡා පැවත්වෙමින් තිබෙන බව පෙන්වා දුන්නේය.

Recommended For You

About the Author: Editor