
පළපුරුදු ලක්ෂමන් විජේසූරිය මෙන්ම අලුත් ජවයක් සහිත තරුණ මුහුණු ද ඇතුළත්ව 2020 වර්ෂය සඳහා ද ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ නිල මඩුල්ල තරඟයකින් තොරව බලයට පැමිණියේය.වර්ථමානයේ ද මුල් පුටුව හොබවන ලක්ෂමන් විජේසූරිය දකුණු ආසියානු චෙස් කවුන්සිලයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය චෙස් සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරයි. ඔහු ආසියානු චෙස් සම්මේලනයේ උප සභාපතිවරයෙකු ද වෙයි.
මහරගම නාවින්නේ පිහිටි පොලිමත් විද්‍යාලයේ දී පැවති නාම යෝජනා භාර ගැනීමේදී නිතරඟයෙන් ඉදිරි කාලය සඳහා යෝජනා වූ එම නිලධාරි මඬුල්ල දෙල්කද පිහිටි චෙස් මූලස්ථානයේ දී අගෝස්තු 29 වන දින පෙරවරු 11.00 ට රැස් වෙන මහා සභා රැස්වීමේ දී වැඩ ආරම්භ කරන්නට නියමිතය.
පාසල් සංගමය විසින් තවත් උප සභාපතිවරයෙක් නම් කරන්නට සහ විධායක කමිටු සාමාජිකයෙකු නම් කරන්නට නියමිතව,අලුතින් බලය පැවරුණු චෙස් සම්මේලන නිලධාරි මණ්ඩලය පහත දැක්වේ.

සභාපති ජී. ලක්ෂ්මන් විජේසූරිය,නියෝජ්‍ය සභාපති දීප්ති හෙවාගීගන,උප සභාපති දයාල් සිරිවර්ධන ,උප සභාපති දර්ශන හේවාසම්,උප සභාපති රාජේන්ද්‍ර කළුගම්පිටිය ,උප සභාපති සන්ධ්‍යා කුමාරි අවිරුප්පෝලා,උප සභාපති බුද්ධි නිරුක්ෂි පනාගොඩ ,උප සභාපති බුද්ධ අලහකෝන් ,උප සභාපති තුෂාන් වික්‍රමාරච්චි,ලේකම් මලිත් අකලංක ,භාණ්ඩාගාරික ඊරෝෂ් සම්පත් ජයසිංහ,තරග ලේකම් ජගත් කෙතලවල,සහකාර ලේකම් සුමල් හොරවලවිතාන ,විධායක කමිටු සාමාජික චින්තක වීරසිංහ,විධායක කමිටු සාමාජික විදුර කොග්ගල ,විධායක කමිටු සාමාජික බුද්ධිනි වාකිෂ්ඨ ,විධායක කමිටු සාමාජික අකිල ප්‍රනාන්දු ,විධායක කමිටු සාමාජික කනිෂ්ක වැලිපිටිය