විල්ප්‍රඩ් ෂහා තමන්ට අපහාස කළ දරුවා ගැන කම්පා වෙයි

කළු ජාතික පාපන්දු ක්‍රීඩකයන්ට සිදුවන අපහාස කිරීම්වලට එරෙහිව පෙනී සිටීමට තීරණය කළ අයිවරිකෝස්ට් ජාතික කණ්ඩායම සහ ලන්ඩනයේ ක්‍රිස්ටල් පැලස් ක්‍රීඩා සමාජයේ සාමාජික විල්ප්‍රඩ් ෂහා තමන්ට ලැබුණු අපහාසාත්මක ජාතිවාදී පණිවිඩ සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණවලදී 12 හැවිරිදි දරුවෙක් අත් අඩංගුවට පත්වීම පිළිබඳව කම්පනයට පත්ව සිටියි.

එංගලන්ත අවුරුදු 19 න් පහළ සහ 21 න් පහළ ජාතික කණ්ඩායම් ද ජාතික කණ්ඩායම ද නියෝජනය කර ඇති ෂහා,2017 සිට සිය උපන් බිම වන අයිවරි කෝස්ට් ජාතික ක්ණඩායමට ක්‍රීඩා කරයි.ෂහා දැඩි කම්පනයෙන් යුතුව විමසන්නේ ජාතිවාදි ලෙස තමන්ට අපහාස කරන ලද 12 හැවිරිදි දරුවා එම වයසේදී ඒ ආකාරයෙන් සිතන්නේ කෙසේද යන්නත්,ඔහු කරා එවන් වෛරයක් පැමිණියේ කේසේද යන්නත් බවයි.එම දරුවා ප්‍රකාශ කරන ඇතැම් දේ තමන් අවුරුදු 12 දී නොදැන සිටි ඒවා බව ද මෙහිදී ෂහා අවධාරණය කර සිටිනවා.

Recommended For You

About the Author: Editor