සිරියානු ජනාධිපතිගේ පුත්‍රයාටත් එරෙහිව ඇමරිකානු සම්බාධක

සිරියානු ජනාධිපති බෂාර් අල්-අසාද්ගේ පුත් හෆීස් සහ තවත් තුන් දෙනෙකුට ද, ආයතන දහයකට ද සිරියානු අරාබි හමුදාවේ පළමු ඩිවිෂනයට ද එරෙහිව සම්බාධක පනවන ලදැයි ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

“සිරියානු ජනතාව මත එරට රජය දියත් කර ඇති මෘග යුද්ධය නැවැත්වීම” සිය අරමුණ බව ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ප්‍රකාශ කළා.

මීට පෙර ඇමරිකාව විසින් ජනාධිපති අසාද්ට මෙන්ම ඔහුගේ බිරිඳ සල්මා අල්-අසාද්ට එරෙහිව ද සම්බාධක පනවා තිබුණු අතර විවිධ ආයතනවලට ද එරෙහිව සම් බාධක පනවා තිබුණා. එමගින් සිරියා රජයේ ආර්ථික කටයුතුවලට විශාල වශයෙන් සීමා පැමිණවීමට ඇමරිකාව බලාපොරොත්තු වුණා. මෙම සම්බාධක අනුව හෆීස් අල්-අසාද්ට ඇමරිකාව තුළ වත්කම් තබාගත නොහැකි අතර එරටට ඇතුල්වීම ද තහනම්.

දහ අට හැවිරිදි හෆීස් අල්-අසාද් නම් කර ඇත්තේ බෂාර් අල්-අසාද්ගේ පියා හෆීස්ගේ නමින්. බෂාර්ට පෙර සිරියාව පාලනය කළේ ඔහුගේ පියා යි. බෂාර්ගේ පුත්‍ර හෆීස් අල්-අසාද් ගණිතය පිළිබඳ ඇළුම් කරන්නකු ලෙස ප්‍රකටයි. ඔහු 2017 දී බ්‍රසීලයේ සහ 2018 රුමේනියාවේ පැවති ගණිත අන්තර්ජාතික තරගවලට සහභාගී වුණා. බ්‍රසීලයේ පැවති තරගාවලියේදී ඔහු තරගකරුවන් 615 ක් අතුරින් 528 වන ස්ථානය දිනාගත් බව සඳහන් වනවා.

සිරියානු විදේශ ඇමතිවරයා මෑතකදී ප්‍රකාශ කළේ ඇමරිකානු සම්බාධකවලින් එල්ල වන පීඩනය අවම කිරීම උදෙසා රජය විසින් විවිධ පියවර ගනු ලබන බවයි.

Recommended For You

About the Author: Editor