ප්‍රංශයේ නිෂ්පාදිත රෆාලේ ප්‍රහාරක ගුවන් යානා ඉන්දියාවට

ප්‍රංශයේ නිෂ්පාදිත නවීන රෆාලේ ප්‍රහාරක යානා පහක් ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ අම්බාලා වෙත ළඟා වූ බව ඉන්දීය ආරක්ෂක ඇමති රාජ්නාත් සිං ඊයේ පැවසුවා. මෙය ඉන්දීය හමුදා ඉතිහාසයේ නව හැරවුම් ලක්ෂයක් ලෙසයි ඔහු හඳුන්වා දෙන්නේ.

ඉන්දියාව 2016 දී ඇමරිකන් ඩොලර් බිලියන 8.7 ක මුදලකට මෙම ගුවන් යානා 36ක් ප්‍රංශයෙන් ඇණවුම් කළා. එම යානා සියල්ල 2021 මුල වනවිට ඉන්දියාව වෙත ලැබීමට නියමිතයි.

මෑතකදී චීනය සමග සිදුවූ දේශසීමා ගැටුම් හේතුවෙන්, අදාල ඇණවුම ලබාදීම කඩිනම් කරන ලෙස ඉන්දියාව ඉල්ලීමක් කර තිබුණු බවක් වාර්තා වුණා.

Recommended For You

About the Author: Editor