
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුනෙන් දෙකේ බලයක් ඉල්ලා සිටින්නේ දේශපාලන කෑදරකමට මිස ජනතාවට සේවය කිරීමට නොවන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළේය.
ඊයේ රාත්‍රියේ ස්වර්ණවාහිනියේ Sri Lanka Next සාකච්ඡාවට එක් වෙමින් ඔහු ප්‍රකාශ කළේ ජනතාවට සේවය සැලසීමට තුනෙන් දෙකේ බලය අත්‍යවශ්‍ය නොවන බවයි.
තමා විපක්ෂ නායක ලෙස පත්වූ පසු, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ “සෞභාග්‍යයේ ඉදිරි දැක්ම” වැඩසටහනේ වූ ජනතාවට යෝජනා කරන ලද සහන ලබාදීම උදෙසා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරගැනීමට, එම යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත්, තමා ඊට සහය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කළ බවත් සජිත් ප්‍රේමදාස පෙන්වා දුන්නේය. එහෙත් රජය ඒ කිසිදු යෝජනාවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් නොකළ බව ඔහු සඳහන් කළේ ය.
සදාකල් බලයේ සිටීමේ අවශ්‍යතාවයක් තමන්ට නොමැති බව කියා සිටි ප්‍රේමදාස, නිසි අවස්ථාවේ තමන් ඉවත්ව යන බව ද කියා සිටියේ ය